Monday, June 22, 2015

නැවත එක සැරයක් හැරී බැලුවා නම්

තෙමුණු නුබේ දෙකොපුලේ 
සුසුම් රටාවේ කඳුළු මවමින්
සිසිලසින් තව තවත් බොඳවුනු 
දෑස් අතරින් අවර හිරු නොදැක්කද




මා මගේ යයි
මමද නොසිතනා 
මා ඔබේ යයි සිතා 
තවත් පසුකර නොයන්න 

නැවත එක සැරයක් 
හැරී බැලුවා නම් 
සුළග රැගෙන ගොස් හමාරයි 
ජීවිතයත්, ආදරයත්, හදවතත් 
තවත් එක් මිනිසෙකුත් 
යලි නොදකින මිරිගුවකට 
ඔය දෑසට පෙම් කල වරදට 

දෙනුවන් පුරා තිබුනේ කදුළු විතරමද

දියරැළි මෙන් නිම් නැති ආදර සයුර
පිදෙන වලාකුළු තරම් පෙම් බඳින 
ජිවිතේ හිතුවක්කාර නිමේෂයක 
ඇවිදින් වියකීයන සිහිනයක්ද නුබ 

සිහින් සිසිලසත් සමග දෑගීලි තෙමන්න 
පුළුවන් උනේ නුබට විතරමද 
හිමින්සැරේ ළඟටම ඇවිල්ල නොකියම යන්න 
දෙනුවන් පුරා තිබුනේ කදුළු විතරමද 

හේතුවට කිසිවක් නැති 
ජිවිතයට ආදරයක් නැති 
තනිවූ සමනලියේ
පාරමිතා පුරන්නේ 
අහිමි පෙමකටද

Thursday, May 14, 2015

සීතලට උණුසුම යයි සිතට කියමින්

එදත් අදත් තනිවූ ඇය
සීතලට උණුසුම යයි සිතට කියමින්
මා පසුකර නැවත නොයෙන්න
වේදනාවටත් එහා ඈතින් ඉඳගෙන
වස්සානයේ නැවත සැරිසරන්න
ආයෙත් කදුළු ඉතිරි නොමැති නිසා

ඔබත් මමත් දෙදෙනෙකු බව
කුළුදුල් පෙමට නොතේරුන නිසා
අහිමිවුවත් පෙම්සිත තවමත්
නුබේ සිතට ආදරය රිදෙන නිසා
අපේ ආදරය නොමැකි තවමත්
හිතේ තිබෙන නිසා

Tuesday, January 6, 2015

කාටවත් නොදැනෙන ඒ වේදනාව

සුන්දරවූත් වේදනාකාරීවූත් අතීතයක
ආදරේ හොයපු එක මගේ වැරැද්දක් වෙන්න ඇති.
ජිවිතේ අතරමන් උන එක තැනක ඉඳන්,
ආදරේ මගේ ජිවිතයම කරගත්ත එක,
හදවත ගින්නෙන් දැවිලා අළුවෙන කොටත්
ජීවිතයට ලස්සන ඇස් දෙකක් බලාහිඳීද්දීත්
ඒ ආදරේම ඉල්ලලා කඳුළු වැගිරුව එක,
මිනිස්සු මේ ලෝකේ වැඩිපුරම ආදරේ කරන්නේ
නොලැබුණු දේ වෙනුවෙන් වෙන්න ඇති
කිසිදෙයක් නොලැබෙන බව දැන දැනත්
හිත ඇතුලේ ජිවත්වෙන්නේ මම විතරද..
මතකය ඇතුලේ ඉතුරුවුනු දේවල්..
කැඩිලා ගිය වීදුරුවක් වගේ...
කවදාවත් එකට එකතුකරන්න බැරිවෙයි.
ඒක උඩින් යන හැම පාරකම
වේදනාව ලියවිලා තියෙයි..
මගේ ජීවිතය ඇතුලෙම නොදැනීම
ආයෙත් මට ජිවත් වෙන්න දෙන්න..
එකම දවසකවත්
ආදරය, ජීවිතය, වේදනාව, මතකය
ආයෙත් හැම වැරැද්දක්ම
හැමදේම අතරේ නොවෙනස් වෙයි
තේරුම්ගන්න හිතන්නවත් එපා
පුදුමාකාර විදිහට
කාටවත් නොදැනෙන ඒ වේදනාව
ඇත්තටම ජිවිතයද ?
නොගැලපීමද? නැත්නම් ආයෙත් වේදනාවද ?
සමහරවිට ආදරය වෙන්න ඇති.......!

Monday, November 24, 2014

වස්සානයේ වැහි කඳුලක්



ඔබ නොසිතන ආදරය ..
වස්සානයේ වැහි කඳුලක් වී ..
මතකයේ සීතලේ වෙලෙමින්..
හෙමිහිට පියනගන්න ඉවතට..

කොපුල් දිගේ රූරා වැටෙමින්..
ඉමක් නැති දෙවුරක තනිවූ..
ඔබ පණදුන් හදවතේ..
මා ඉතිරි නොවුනා මෙන්....

තනිකරන්න අතීතයට ඉතුරුකර 
මුසුවෙන්නට සදාකල් වේදනාවෙන් 
ඔබෙත් මගෙත් සංසාර පැතුම
ආදරයේ මතක මංපෙත 

Friday, March 21, 2014

අහස මම


නිම්නයේ සුමුදු වැලිතලා මත 
සිත්තම් කල සොඳුරු සිතුවම 
පෙණ සරින් මකාදැමූ 
දළ රල පෙළකි නුඹ 
කඳුළු වලට වඩා හැඬු 
බොල් අහස මම.. 

Wednesday, March 12, 2014

හන්තානේ නුඹ මා වෙන්කළ මතකය




සිත සිරවී රෑ ඉකිබිඳ කදුළු සලන්නට 
පෙරුම් පුරන්න මේ ලියවෙන්නේ 
සසරේ වේදනාවේ නිමේෂයයි 
පෙර ආත්මයේ මාගේ කුළුදුල් පෙමයි 

උහුලන්නට බැරි අහිමි කඳුලින් 
ඔබත් එක්ක මතකයේ පියමැන්න
වේදනාවෙන් තෙත්වූ ස්නේහයේ සරසවියයි 
හන්තානේ නුඹ මා වෙන්කළ මතකයයි 

සුසුමින් අතහැරුණු මා සසරේ මතකයන් 
හද පාරනා පෙම් උද්‍යානය දෑස මායිමේ
මහවැලි පාමුල සුන්දර ඔබ මා අත ගත්තා 
සසර සතක ආදරයක් කිණිත්තක ලියලුවා

වේදනාව මල් පාර නොදනී හද පිරි 
මේ මාවත රතු මලින් පීරී සැරසේවි 
හීනයක් සදා වෙනස් නොවෙන සේ 
සුළග පවා අද ඔබට මුසුයි මා එතැනමයි 

නුවර කොනේ හෝරා මැදුර යටින් 
ඔබ මා අතහැර ගිය ඒ අවසන් දින 
හදවතේ නුබේ මිණිකැට මුළු දෑසම
කැටයම් කරගත්තෙමි ආත්මයේ පුරාවට

ඉගිලී යන අඳුරු ජිවිතේ සිටින්නම් සසරේ 
පෙම් සරසවිය පාමුල ඔබ එනතුරා දකින්නට 
හැම ආත්මයකම උහුලමින් සිතින් අතහැර
මගේම ආත්මය ඔබට දුන් කුළුදුල් පෙම 
වේදනාවෙන් මතකය ඔබට උගනිමින්