සිත සිරවී රෑ ඉකිබිඳ කදුළු සලන්නට
පෙරුම් පුරන්න මේ ලියවෙන්නේ
සසරේ වේදනාවේ නිමේෂයයි
පෙර ආත්මයේ මාගේ කුළුදුල් පෙමයි
උහුලන්නට බැරි අහිමි කඳුලින්
ඔබත් එක්ක මතකයේ පියමැන්න
වේදනාවෙන් තෙත්වූ ස්නේහයේ සරසවියයි
හන්තානේ නුඹ මා වෙන්කළ මතකයයි
සුසුමින් අතහැරුණු මා සසරේ මතකයන්
හද පාරනා පෙම් උද්‍යානය දෑස මායිමේ
මහවැලි පාමුල සුන්දර ඔබ මා අත ගත්තා
සසර සතක ආදරයක් කිණිත්තක ලියලුවා
වේදනාව මල් පාර නොදනී හද පිරි
මේ මාවත රතු මලින් පීරී සැරසේවි
හීනයක් සදා වෙනස් නොවෙන සේ
සුළග පවා අද ඔබට මුසුයි මා එතැනමයි
නුවර කොනේ හෝරා මැදුර යටින්
ඔබ මා අතහැර ගිය ඒ අවසන් දින
හදවතේ නුබේ මිණිකැට මුළු දෑසම
කැටයම් කරගත්තෙමි ආත්මයේ පුරාවට
ඉගිලී යන අඳුරු ජිවිතේ සිටින්නම් සසරේ
පෙම් සරසවිය පාමුල ඔබ එනතුරා දකින්නට
හැම ආත්මයකම උහුලමින් සිතින් අතහැර
මගේම ආත්මය ඔබට දුන් කුළුදුල් පෙම
වේදනාවෙන් මතකය ඔබට උගනිමින්
සෑම කලුවලාවක් මැදම රිදී රේඛාවක් තිබිය හැක.
ReplyDeleteබොහොම තුති සහෝදරයා
Delete