Saturday, December 28, 2013

ආදරය ඔබ නොහදුනනා..


ජීවිතය දුකකි ආදරය ඔබ නොහදුනනා..
ආදරය ගිම්හානයකි තනිකම හඳුනනා..
තෙපලුවද පෙම් වදන් ඔබට නෑසෙනා..
ඔබ හැරදා ගියා මා නුබට පෙම් කළා.. 

මා සිත් වේදනා..

නොදුටුව ඔබ පෙම් සිනා..
තනිකරන්නද මා සිත් වේදනා..
කඳුළු ලොවේ මා තනිකරා..
අහිංසක දෑසට මා පෙම් කළා..

නෙතු සගවයි

හිමිනැති ඔබ මට නෙතු සගවයි..
ඒහි නිහඩබව තවරයි තව වේදනා..
ආදරේ කියන්න හැකිද වෙනෙකුට..
සදා නොවෙනස් ඔබ කියූ ආදරේ..

නොමියෙන මා අසල

අද මා තනිවී වින්දවයි..
හදවත මියෙන තුරාවට..
එත් නොමියෙන මා අසල..
ඔබ නිහඩයි මාගේ සිහිනයට ..

කිරිල්ලිය

දෑස පුරාවට නුබ සෙව්වා..
ඇය නිහඩයි මගේ කිරිල්ලිය..
මගේම වූ මගේම කිරිල්ලිය..
මගෙන් මා උදුරාගත් කිරිල්ලිය..

අරලිය මල් එදිනට නොපිපෙවී

නැවත දිනක කවදා හෝ ඔබ මා හමුවේවි 
ඒ නුබම නැවත එවි සුසුමක එකතුවී 
අපි ඇවිදපු ඒ ලස්සන මීදුම් මාවතේ 
දෑතින් අල්ලාගෙන එත් එදා වගේ 
කහ අරලිය මල් එදිනට නොපිපෙවී

පෙම් පිරූ සිතත්

තෙලිතුඩ ලියවෙන්නේ කඳුළු මතයි 
නෙත ගිලිහුන කදුලේ මතකයත් 
ඒ මතකයේ ගිලුණු පෙම් පිරූ සිතත් 
ඔබ ලගයි තවමත් ඔබ ලගයි 


Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony




කදුළු වලින් පාවෙන දේදුන පාලමට..

ඔබේ ආදරේ යන්තමින් විඳගන්න..
දෑස් පියන් වසා නුබව සිතින් දකින්න ..
සීතලෙන් ඔබව සියුමැලිව පිරිමදින්න..


ආයෙත් එන්නම් ඒ පුංචි උයනට..
සිත ඇතුලෙන් තුරුළු කරගන්නට..
මා ජිවත් උන මගේම ඒ ඇස්දෙක..
මගේ ලෝකයේ පෙමින් නිවෙන්නට..

අතීතයේ ඒ කදුළු එක්ක පෙමින් බැදෙන්නට..
මට මගේම නොවන ආදරේට ..
ආදරේ කරන්න මියෙන තුරා ..
අපේ අපේම නොවන අපේම ආදරය ..

Samanala Sandhawaniya/සමනල සනධ්වනිය - Butterfly Symphony වෙනුවෙන් ලියන ලදී.

Friday, September 13, 2013

සඳ කිරණ

කියන්නට හැදුවත් නිම්නයක සිතුම්
හඬන්න ඇති පෙර පැතුමක හැඟුම්
උතුරන්නට ආදරයේ කුළුදුල් පැතුම්

දුරින්ද සඳ කිරණ ඔබ මාහට උතුම්


Wednesday, April 10, 2013

කියන්නද කවියක් ඔබගේ තොල්මත මුමුණා


කියන්නද කවියක් ඔබගේ තොල්මත මුමුණා
ලියන්නද පෙම් හසුනක් ඔබගේ දෙනෙත පුරා
සිපගන්නද ඔබගේ නිල්වන් දෑස මත තවරා
අත ගන්නද දිනක හදවත පුරා සතපා

දිනයක ඔබ දුටු මගේ හිත


දිනයක ඔබ දුටු මගේ හිත
කිසි දිනක නෙතු මත නොපැතූ සිත
පැතු පිනෙන් ඇතිවූ පෙම
සසරේ හමුවූ එකම පෙම

Sunday, April 7, 2013

නෙත්පියන් මත ඔබගේ කඳුළු





ඔබ නෙතු මායිමේන් වියැකී නොයයි නම් 
හද පාමුලෙන් ඔබ සැමදා නොනිදයි නම් 
සසරේ පුරුදු ගැස්මෙන් ඔබ ලගට එවි නම් 
නෙතු ලග හීනයක් නොවී හද තුල සිටීවි නම් 

නෙත්පියන් මත ඔබගේ කඳුළු
බින්දුවක් වත් කිසි දිනක නොරදන්නට 
පොරොන්දු වෙන්නම් ඔය නිල් නෙතු මත 
මගේ දිවිය තුරාවට, මියෙන තුරාවට 


Friday, April 5, 2013

පොකුණ නිසල බව දන්නේ සඳ එළියයි




පොකුණ නිසල බව දන්නේ සඳ  එළියයි 
හද සසල කලේ සොඳුරියේ නුඹ පමණයි 
සසල සිතයි මගේ නිසල උනේ නුඹ ලග පමණයි 
සසර පුරා අපි නිසලව සිටියා මතකයි 

මගේ හද පොකුණක් නම්



ඔබේ නම සියපතක් නම් 
එයින් සෙවන දෙන 
මගේ හද පොකුණක් නම් 
මගේ සෙවන නුඹ පමණක් නම් 

හදේ සිසිලෙන් නුඹ සැනසෙයි නම් 
දුර්භික්ෂයේ මන් සිසිලක් නම් 
සඳවතියේ ඔබ මගේම නම් 
මගේ ජීවිතයත් නුඹගේ මයි දැන් 





Saturday, March 30, 2013

නිම්නය


ඉමක් තෙරක් නැති සොඳුරු නිම්නයේ

ඔබ දුටුවා

අයෙත් අයෙමත් ඔබ දුටුවා

දිනක් දෙකක් නොව කල්පයක් ඔබ පැතුවා

තරු මිලින උන ආකාසේ එක එළියක් අවා

ඒ ඔබම තමයි වටහාගන්න මා පැටලුනා

හිරුත් නොසිටි මට

සඳුත් නොසිටි මට

ඔබ ආලෝකය වුවා..


සිහිනයක් වෙලා ඔබ මට


සිහිනයක් වෙලා ඔබ මට

එක දිනයක සිතිජය පුරාවට

මන්දාරම් වසන්තයේ බිඳු වලින්

ගෙත්තම් කරයි නම් මගේ ජිවිතය

දහසක් පහන් දල්වා සිතු මායිමේ

එලිය කරන්නට හිරුත් නැති මේ වසන්තය

ඔබට හැකිවේවිද පුරවන්නට බිඳිති වලින්

ඔබගේ ආදරය මේ සුන්දර පොකුණට ?

සඳුත් නුඹය හිරු වැරූ අහසේ


හැගුම් මතුවී සිතුවිලි ඔබ ලග

කෙදිනක හෝ හමුවන්න සිත කොඳුරයි

සිත නවතින්නේ එදිනටදෝ ඔබේ ලග

නිසල කලත් සිත ආත්මයක් ඔබ මගේ ලග

ඔබ හිරු වගේ තරු වැරූ අහසේ

සඳුත් නුඹය හිරු වැරූ අහසේ

දැනෙන්නේ මේ ඔබ එවූ මද පවනයි

පියවි ගිය කඳුලක්


පියවි ගිය කඳුලක්

නිසා දුක් විඳපු

හිතකට සතුටක් කොයින්ද ? ලයේ තිබුන පැතුමන් ?

ඒවා කොචර ඈතට පියමන් කලාද?

ඔයාගේ අතේ තමයි

හැමදේම

අගුළු ලෑවේ අකීකරු හදවතේ රිද්මය

මා නුඹේ හදවතට

පිවිසෙතැයි බියපත්ව

අගුළු ලෑවේ සියපත ඇයි

අකීකරු හදවතේ රිද්මය

කෙදිනක වත් නොනවතින ලෙසට

අකීකරු උනු නුඹේ සිතට

යතුරු සිදුරෙන් රිංගා විත්

දිවුල් ලාටු මුසු සිතුවමක් සේ

කෙදිනකවත් නොමැකෙන කවිය ලියන්නට

ඔබගේ හද තුල එකම දිනක්

කොහේ කෝ තැනක දෝතක් පුරවා

ආදරේ ඉසින්නට ලං වෙනවදෝ ඔබ

මගේ නොයිඳුල් පෙමට